Harry Potter කතෘවරියගේ සාර්ථකතත්වයේ කථාව
ඔබ අප කවුරුත් දන්නා සුප්‍රසිද්දධ Harry Potter කතා මාලාවේ කතුවරිය වූ J K Rowling ගැන දැන සිටි නමුත් ඇයගේ ජීවිත කතාව ඔබ මේ වන විටත් අසා නොමැතිව ඇති. 1965 ජුලි 31 එංගලන්තයේ උපත ලබන ඇයගේ පළමු කතාව වන ' Rabbit ' රචනා කරන්නේ අවුරුදු 5 දිය. 1986 උපාදිය අවසන් කරන ඇය Researcher කෙනෙක් ලෙස රැකියා අවස්ථාවක් ලබා ගනී. ඇයට මායා පිරිමි ළමයෙකුගේ කතාවක් පිළිබද මුල්ල්ම අදහස හටගන්නේ මන්චේස්ටේර් නගරයේ සිට ලන්ඩන් නගරය වෙත තම රැකියා ස්ථානය වෙත දුම්රියේ ගමන් කරන අවස්ථාවේදීය.
මෙතෙක් පැවති සාමාන්‍ය නිදහස් ජීවිතය වෙනස් වීමට පටන් ගනු ලබන්නේ ඇයට අවුරුදු 25 දීය. ඒ ඇයගේ මව මෙලොව හැර යාමත් සමගය. එමගින් ඇය බොහෝ සේ කම්පනයට පත් විය. නමුත් මාස 6කට පසුව Harry Potter කතා මාලාවේ පළමු පොත ලිවිම නැවතත් ඇය ආරම්භ කළහ. මවගේ මරණයෙන් පසු තනිවුනු J K Rowling පෘතුගාලය වෙත පදිංචියට පැමිණ 1992 දී විවාහ විය. අයගේ පළමු දරුවා වන Jesica උපත ලබන්නේ එහිදීය. නමුත් වැඩි කල් යන්නට මත්තෙන් අයගේ ජීවිතය තවත් නරක අතට පෙරලීමට පටන් ගැනෙන්නේ මාස 13 කට පසුව ඇයගේ කසාද ජීවිතය අවසාන වීමත් සමගය. නැවතත් ඇය තම දියණිය සමග ස්කොට්ලන්තයේ Edinburgh නගරයට පදිංචියට පැමිණියහ. ඒ වනවිට Harry Potter පළමු කතාවේ පළමු පරිච්චේද තුන අවසන් කර තිබීමට හැකිවී තිබිනි. ස්කොට්ලන්තයේ රාජ්‍ය ප්‍රතිලාබ මත යැපුන ඇය තම උපරිම කාලය Harry Potter කතාව ලිවීම සදහා යොදවන්නේ තම දියණියගේ වැඩ කටයුතුද සමගය. නමුත් රැකියාවක් නොමැතිකම සහ තම කුඩා දියණිය සමග තනිවුනු ඇය දැඩි මානසික අවපීඩනයට පත්විය. එක් අවස්ථාවකදී ඇය සියදිවි නසා ගැනීමට පවා පෙළබි ඇත.
Rowling ජීවිතය වෙනස් වන්නේ කෙසේද ?
තම කතාව ලිවීමට computer එකක් හෝ නොතිබුණු ඇය කෙසේ හෝ Harry Potter පළමු කතාව ලිය අවසන් කළහ. ලිය අවසන් කළ තම අත්පිටපත ප්‍රකාශයන් 12 දෙනෙකු මගින් ප්‍රතික්ෂේප කළහ. නමුත් එමගින් නොනැවතුණු ඇයට අවසානයේ එක් ප්‍රකාශන සමාගමකින් අවස්ථාව ලැබෙන්නේ එහි ප්‍රධානියාගේ අවුරුදු 8ක දියණිය Rowlinge කතන්දරයට ඉතාමත් ආදරය කිරීමට පටන් ගැනීමත් සමගය. එසේ ඇගේ පළමු කෘතියේ පිටපත් මිලියන 45 කට වැඩි ප්‍රමාණයක් අලෙවි විය. මෙසේ ඇගේ ජීවිතයේ ස්වර්ණමය යුගය ආරම්භ වන්නේ ඇයට අවුරුදු 31 දීය. මේ වන විට Forbes සගරාවට අනුව ඇයගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියනයක් වන අතර ඇය ලොව වැඩිම අදායම් ලබන කීර්තිමත් පුද්ගලයින් සහ වැඩිම අදායම් ලබන කතුවරු අතරින් ඉහලින්ම තම නම රැදවීමට සමත්ව ඇත.
මේ කිසිවක් එක් රැයකින් සිදු වුවක් නොවේ. කොතරම් ප්‍රශ්න මැද වුවද ඇය කිසි විටක තම අදිෂ්ඨනය වෙනස් නොකළහ. ජීවිතය ජය ගැනීමට ඇය අපට කදිම නිදසුනකි.

Comments
Post a Comment