කෙස් කලබ දිදුලවන Hair Masks





සුන්දර කෙස් කළබක් උදෙසා විවිධ සත්කාර කිරීමට අප යොමු වෙනවා Hair Mask වලින් කෙස් කලබට ඉතා හොද පෝෂණයක් ලබා ගත හැකිය. අප සැමදෙනාගේම කෙස් කලබේ ස්වභාවය එකිනෙකට වෙනස් වේ. ඒ නිසාම කෙස් කලබට සත්කාර කිරීමට පෙර එහි ඇති ගැටළුව හදුනාගැනීම ඉතා වැදගත්ය. කෙස් කලබ ආශ්‍රිතව ඇතිවන විවිද ගැටළු සදහා මෙන්ම නිරෝගී කෙස් කලබක් සදහා යෝග්‍ය Hair Mask කීපයක් පිලිබදව අපි බලමු.


දීප්තිමත් ස්වභාවය අවම වී දුර්වර්ණ වී ඇති කෙස් කලබක් සදහා 

  • බිත්තර සුදුමාදය පොල්තෙල් සමග මිශ්‍ර කර අලේප කර විනාඩි 15ක් පමණ තබා සෝදා හරින්න.
  • පොල්තෙල් සමග මී පැණි මිශ්‍ර කර අලේප කර විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.
  • අලිගැටපේර ගෙඩියක් සමග බිත්තර කහමද දෙකක් මිශ්‍ර කර අලේප කරන්න.

නිතර ගැසෙන සුළු කෙස් කලබක් සදහා 

  • ඔලිව් තෙල්, මී පැණි, යෝගට් හොදින් මිශ්‍ර කර අලේප කර විනාඩි 20ක් තබා සෝදාහරින්න.

ඉතාම සිනිදු කඩෙන ස්වභාවයක් ගන්නා කෙස් කලබක් සදහා  

  • වට්ටක්ක යුෂ, මී පැණි, පොල්තෙල්, මුදවපු කිරි හොදින් මිශ්‍ර කර එම මිශ්‍රණය අලේප කර විනාඩි 20ක් තබා සෝදාහරින්න. 
  • හිසේ මැරුණු සම ඉවත් කිරීම.
  • දුබුරු සීනි ඔලිව් තෙල් සමග මිශ්‍ර කර අලේප කර විනාඩි 20ක් තබා සෝදාහරින්න .

අධික තෙල් සහිත කෙස් කලබක් සදහා 

  • ස්ට්‍රෝබෙරි ගෙඩි 6ක්, මී පැණි, පොල්තෙල් සියල්ල මිශ්‍ර කර අලේප කර විනාඩි 20ක් තබා සෝදාහරින්න.

ඉතා ගන කෙස් කලබක් මෘදු කර ගැනීම සදහා

  • බිත්තරයක්, පොල්කිරි, ලෙමන් ගෙඩි 1/2යක යුෂ පොල්තෙල් සමග මිශ්‍ර කර අලේප කර විනාඩි කීපයකට පසු සෝදාහරින්න.

දිගු කෙස් කලබක් ලබා ගැනීම සදහා 

  • ඔලිව් තෙල්, ලෙමන් යුෂ, යෝගට් එකට මිශ්‍ර කර අලේප කරන්න විනාඩි 30 කට පසුව සෝදාහරින්න.
  • ලුණු වතුර මී පැණි සමග මිශ්‍ර කර අලේප කරන්න.
  • අලිගැටපේර, කෝමාරිකා, රෝස්මරි තෙල් පොල් තෙල් සමග මිශ්‍ර කර අලේප කරන්න .

Comments