රෝස තොල් ලබා ගැනීම සඳහා සරල ස්වාභාවික ක්‍රම 10 ක්

සුන්දර සිනහවකින් ඔබේ අලංකාරය වැඩි කළ හැකි බව ඔබ දන්නවා. ඔබගේ තොල් රෝස පැහැ වන විට ඔබේ සිනහව ද ඉතා  ආකර්ශනීය වේ. නමුත් රෝස පැහැති තොල් නොමැති අය බොහෝ සේ සිටිනා අතර තොල් වල වර්ණය අදුරු හෝ සුදුමැලි ස්භාවයක් ගනීනම් ඒවා කිසිසේත්ම ආකර්ෂණිය නොවේ. ඔබේ මුහුණේ සුන්දරත්වය ඉහල නැංවීමට තොල් ඉතා සුවිශේෂී ස්ථානයක් ගනී.



අඳුරු තොල් වලට හේතු ලෙස උණුසුම් ජීවන රටාව, කාලගුණය වෙනස් වීම, රසායනික චිකිත්සාව, අධික ලෙස ෆ්ලෝරයිඩ් භාවිතය, අධික ලෙස දුම් පානය කිරීම, අඩු ගුණාත්මක ආලේපන නිතිපතා භාවිතා කිරීම, ලිප්ස්ටික් ඉවත් නොකිරීම වැනි හේතු රාශියක් බලපානු ඇත. රාත්‍රියේදී ඔබේ තොල්වල රුධිර සංසරණය අඩු වීම, අධික ආතතිය, සෘජු හිරු කිරණවලට තොල් නිරාවරණය කිරීම, තෙතමනය සහිත උෂ්ණත්වය යනාදිය ප්‍රධානව බලපාන කරුණු වේ. අඳුරු සහ තද තොල් රෝස සහ මෘදු තොල් බවට හැරවිය හැකි බව ඔබ කලින් දැන සිටියද.


ඔබේ තොල්වල වර්ණය ස්වභාවිකව රෝස පැහැයෙන් තබා ගැනීමට නිසි ලෙස තොල් රැකවරණයක් අවශ්‍ය වේ. ඔබේ තොල් රෝස, මෘදු හා ආකර්ශනීය ලෙස තබා ගැනීමට මිල අධික නිෂ්පාදන සඳහා මුදල් වියදම් කිරීම අවශ්‍ය නොවේ. ඔබේ මුළුතැන්ගෙයෙන් පහසුවෙන් ලබාගත හැකි ස්වභාවික අමුද්‍රව්‍ය කිහිපයක් භාවිතා කර  ඔබේ තොල් රෝස පැහැයක් බවට පත් කළ හැකිය

ස්වාභාවිකවම රෝස තොල් ලබා ගැනීම සඳහා අනුගමනය කළ හැකි පහසු ක්‍රම 10 ක්:


1. මෘදු රෝස පැහැති තොල් ලබා ගැනීම සඳහා ඔබ රාත්‍රී දත් මැදීමෙන් පසු ඉතා මෘදු දත් බුරුසුවකින් ඔබෙ තොල් සෙමෙන් මදින්න. මෙමගින් ඔබේ තොල් වටා ඇති වියළි හා මැරුණු සම ඉවත් කර ඉතා නැවුම් පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ.

2. සෑම දිනකම මිනිත්තු කිහිපයක් ඔබේ තොල් සම්බාහනය කළ යුතුය. සම්බාහනය සඳහා ලෙමන් යුෂ ආමන්ඩ් තෙල් සමඟ මිශ්‍ර කර මිශ්‍රණයක් සාදාගන්න. නින්දට යාමට පෙර සෑම රාත්‍රියකම තොල් සම්බාහනය කිරීමට මෙම මිශ්‍රණය භාවිතා කරන්න. මෙම ප්‍රතිකාරය මගින් ඔබේ තොල්වල තෙතමනය පවත්වා ගැනීමට පෝෂණය සහ අවශ්‍ය උපකාරය ලබා දෙනු ඇත. ඔබේ තොල්වල අදුරු බව අඩු වන බව ඔබට දින කීපයකින් දැකගැනීමට හැකි වේවි.

3. නින්දට යාමට පෙර දිවා කාලයේදී ඔබ යොදන ලද lip makeup එක ඉවත් කරන්න. makeup එක ඉවත් කිරීම සඳහා ඔබ මෘදු කපු බෝලයක් භාවිතා කරන්න. ආමන්ඩ් තෙල් හෝ ඔලිව් තෙල් ස්වල්පයක් දමා එමගින් තොල් මෘදු ලෙස ආලේප කරන්න. ඔබේ තොල් මත ඇති ලිප්ස්ටික් සහ lip gloss සමඟ නින්දට යෑම මගින් ඔබේ තොල්  අඳුරු පැහැයක් ගැනීමට හේතුව විය හැකිය.

4. ක්‍රීම් සමඟ සීනි මිශ්‍ර කර ඔබේ තොල් Scrub කිරීමෙන් ඔබේ තොල්වල ඇති අදුරු වර්ණය මැකී යනු ඇත. ක්‍රීම් වෙනුවට ඔලිව් තෙල් භාවිතා කර පේස්ට් එකක් සාදාගත හැකිය. ඔබේ තොල් වලට ස්වාභාවික දිස්නයක් සහ වර්ණයක් ලබා දීම සඳහා මෙය හොඳ ක්‍රමයකි.

5. සැම විටම ඔබේ තොල් වල තෙතමනය පවත්වා ගැනීම ඉතා අත්‍යවශ්‍ය කරුණකි. ඔබ පිටත සිටින විට තොල් මත ලිප් බාම් හෝ පෙට්‍රෝලියම් ජෙලි අලේප කරන්න සහ ඔබ නිවසේ සිටින විට තොල් මත අලේප කිරීමට කොකෝ බටර් භාවිතා කරන්න. මෘදු හා රෝස පැහැති තොල් ලබා ගැනීම සඳහා ඔබේ තොල් සෑම විටම හොඳින් මොයිස්චරයිසින් කර ඇති බවට වග බලා ගත යුතුය.

6. දෙළුම් බීජ ඔබේ තොල්වල තද පැහැය අඩු කර ගැනීමටත් සහ සුන්දර රෝස පැහැයක් ලබා දීමටත් භාවිතා කළ හැකි. දෙළුම් බීජ තලා ගෙන කිරි සමඟ මිශ්‍ර කර තොල් මත ආලේප කරන්න. වැඩි කල් යන්නට මත්තෙන් ඔබේ තොල් රෝස වලට ඉතා අලංකාර පැහැයක් ලැබෙනු ඇත.

7. පිපිඤ්ඤා යුෂ මගින් තොල් සම්බාහනය කිරීමෙන් තොල්වල අදුරු පැහැය අඩු කිරීමට හැකි වේ. පිපිඤ්ඤා පෙත්තක් ගෙන ඔබට විවේකි වේලාවක් ඇති විට එමගින් ඔබේ තොල් සම්බාහනය කරගන්න. දිනපතා මිනිත්තු පහක් පමණ  පිපිඤ්ඤා යුෂ සමග මෙසේ කිරීමෙන් ඔබේ තොල්වල පැහැය රෝස පැහැයක් ගනී.

8. ඔබේ තොල්වල රෝස පැහැය නැවත ලබා ගැනීමට රෝස පෙති ද භාවිතා කළ හැකිය. රෝස මල් පෙති කිහිපයක් ගෙන කිරි වල ගිල්වා මිනිත්තු කීපයක් තබාගන්න. ඉන්පසු එය පේස්ට් එකක් ආකාරයෙන්  සාදා එයට මී පැණි සහ ග්ලිසරින් බින්දු කිහිපයක් එක් කරන්න. දැන් මෙම පේස්ට් එක ගෙන විනාඩි පහළොවක් පමණ ඔබේ තොල් මත තවරා තබා ගන්න. අවසානයේ ඔබේ තොල් කිරිවලින් මෘදු ලෙස අතුල්ලන්න. ඔබ දිනපතා මෙම ප්‍රතිකාරය අනුගමනය කරන විට ඔබට පුදුමාකාර ප්‍රතිඵල දැකගත හැකිය.

9. කැරට් යුෂ හෝ බීට්රූට් යුෂ පොඟවා සාදාගත් මිශ්‍රණය කපු සමග මිනිත්තු කිහිපයක් තොල් ආලේප කරන්න. මේ ආකාරයෙන් ඔබට පහසුවෙන් ඔබේ තොල්වල යම් වර්ණයක් එක් කළ හැකි අතර තොල් පෝෂණය කිරීමටද හැකි වේ. වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඔබට යුෂ සමග කුංකුම ද එකතු කළ හැකිය. ඔබේ වියළි තොල් හොඳින් මොයිස්චරයිසින් කිරීමට කුංකුම බෙහෙවින් උපකාරී වේ.

10. දොඩම් ගෙඩියක් ආහාරයට ගන්නා විට මතක ඇතිව දොඩම් ලෙල්ල තබා ගන්න. ඔබේ තොල්වල සම පිරිසිදු කිරීමට සහ තොල්වල අඳුරු සම සැහැල්ලු කිරීමට දොඩම් ලෙල්ල භාවිතා කළ හැකිය.

Comments