හොඳ පවුල් සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම සදහා අවශ්‍ය උපදෙස් කීපයක්!
පවුල් ජීවිතය සැම විටම පරිපුර්ණ නොවේ. එයට හේතුව නම් කිසිදු පුද්ගලයෙකු අංග සම්පුර්ණ නොවන බැවිනි. නමුත් ඉතා හොද සම්බන්දතාවයක් පවත්වාගැනීම අපි හිතන තරම් අමාරු කටයුක්තක් නොවේ. ඒ සදහා අවශ්‍ය මුලිකම කරුණ වන්නේ දෙදෙනාගේ එකිනෙකා පිළිබද අවබෝදයයි. හොද සබදතාවයක් පවත්වාගැනීමට දෙදෙනාගේම උත්සාහය අවශ්‍ය වේ. සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීම සඳහා උපදෙස් කිහිපයක් පහත පරිදි වේ.
ඔබටම ආදරය කරන්න.
තමන්ට ආදරය කරන්න ඔබ කවුරුන්ද යන්න තෙරුම්ගනිමත් සමග ඔබ වඩාත් හොද හවුල්කරුවෙකු වනු ඇත.සන්නිවේදනය කරන්න.
ඔබේ හැඟීම් ගැන ඔබේ සහකරු සමඟ කතා කරන්න. ප්‍රශ්න අසන්න සහ ඔවුන්ගේ පිළිතුරු වලට සවන් දෙන්න. ඔබ ප්‍රශ්නයක ඇත්නම් එය පවසන්න. කිසි විටක ඔබේ සහකරුට ඔබේ ගැටළු සොයා ගැනීමට ඉඩනොහරින්න. ගැටලු හරහා කථා කිරීම විශ්වාසය ගොඩනංවන අතර ඔබේ සම්බන්ධතාවය ශක්තිමත් කරයි. තවද ඔබගේ සහකරු ඔබව සතුටු කරන අවස්ථාවල ඔහු හෝ ඇයට එය පවසන්න අමතක නොකරන්න.
අවංක වන්න.
ඔබ කරන, සිතන සහ ඔබට දැනෙන දේ ගැන සත්‍ය පවසන්න. අවංකකම එකිනෙක අතර විශ්වාසය ඇති කරයි. කුඩා බොරුවක් මගින් විශාල සිත් රිදීම් ඇති වීමට ඉඩ නොහරින්න.එකිනෙකාට යම් ඉඩක් ලබා දෙන්න.
දෙදෙනා එකට කාලය ගත කිරීම විශිෂ්ටයි. නමුත් මුළු කාලයම එකට ගත කිරීම වඩා එකිනෙකාගේ මිතුරන් සමග සිටීමට කාලය වෙන්කරගන්න. තමන් කැමති විනෝදාංශ සදහා කෙටි කාලයක් වෙන් කරගන්න. එය දීර්ග කාලින සබදතාවයකට ඉතා වැදගත් වේ.අදහස් වලට ගරු කරන්න.
එකිනෙකාගේ අදහස් වලට ගරු කරන්න. කිසිවිටකත් තම සහකරුගේ අදහස් විහිලුවකට නොගන්න. එය හොද සබදතාවයක් පවත්වාගැනීමට විශේෂව බලපාන කරුණකි.සමාව දෙන්න සහ සමාව ඉල්ලා සිටින්න.
මිනුසුන් සැම කෙනෙකු අතින්ම වැරදි සුදු වෙන බව අපි තේරුම්ගත යුතුය. ඔබ අතින් සුදු වූ වරදට සමාව ඉල්ලීමට පුරුදු වන්න එසේම ඔබේ සහකරුගේ සමාව පිළිගැනීමට නිහතමානී වන්න.එකිනෙකාට සහයෝගයක් වන්න.
ක්‍රියාවෙන් මෙන්ම වචනයෙන්ද අනෙකාට සහයෝගයක් වන්න.මගේ පවුල් සම්බන්ධතාවය යහපත් ද යන්න මා දැන ගන්නේ කෙසේද?
- ඔබේ සහකරු ඔබේ අදහස්වලට ඇහුම්කන් දෙනවාද?
- ඔබේ සහකරු ඔබේ මිතුරන් හා පවුලේ අය සමඟ කාලය ගත කිරීමට ඉඩ ලබා දෙනවාද?
- ඔබ එකට විනෝදයෙන් කාලය ගත කරනවාද?
- ඔබේ සහකරු කරන යම් දෙයකින් ඔබව අපහසුතාවයට පත් කරන විට ඔබට එය ඔහු හෝ ඇය සමග පැවසීම පහසුද?
- ඔබේ සිතුවිලි හා හැඟීම් තම සහකරු සමග බෙදාහදා ගැනීමට හැකියාවක් පවතිනවාද?
- ඔබේ සහකරු ඔබේ මිතුරන් හා පවුලේ අය සමඟ සුහදව කටයුතු කිරීමට උත්සාහ කරනවාද?
- ඔබගේ ජයග්‍රහණ සහ සාර්ථකත්වය ගැන ඔබේ සහකරු ආඩම්බර වෙනවාද?




Comments
Post a Comment