ඔබත් ශරීරය මහත් කරගැනීමට උත්සහ කරන කෙනෙක්ද ?
ස්භාවිකවම මහත් වීමට හා බර වැඩි කරගැනීමට ක්රම 8 ක් !
ලංකාවේ වැඩි පිරිසක් තම තරබාරු බව හා බර අඩු කරගැනීමට උත්සාහ දරන අතර ඊට සාපේක්ෂව අඩු පිරිසක් බර සහ ශරීරය මහත් කරගැනීමට උත්සාහ කරයි. ඔබත් බර වැඩි කරගැනීමට සහ හැඩ ශරීරයක් පවත්වා ගැනීමට අදහස් කරන කෙනෙකු නම් ස්වාභාවිකවම මෙන්ම සෞඛ්‍ය සම්පන්නව බර සහ හැඩ ශරීරයක් පවත්වගනිමට හොඳම ක්රමයන් පහත පරිදි වේ.
1. රතු මස් ආහාරයට ගන්න
රතු මස් වල ඉතා ඉහල මට්ටමක cholesterol අඩංගු බැවින් පහසුවෙන් බර වැඩි කරගැනීමට ඵලදායි ක්රමයකි. මස් වල අධික ලෙස ප්රෝටීන් හා යකඩ අඩංගු වේ. ශරීරය මහත් කර ගැනීමට ප්රෝටින් බෙහෙවින් උපකාරී වේ.
2. සම්පූර්ණ මේදය සහිත කිරි පානය.
බර වැඩි කිරීම සදහා තවත් විසදුමක් ලෙස ඔබ මෙතෙක් කල් පානය කල පිටි කල කිරි වෙනුවට මේදය සහිත කිරි ආදේශ කිරීමයි. මේදය සහිත කීරි පිටි කිරි වලට වඩා වීදුරුවකට අමතර calories 60 ක් ලබා දෙනු ඇත කිරි විටමින් හා තවත් පෝෂ්‍ය පදාර්ථ වලින් පිරී ඇති අතර ඔබට oats හෝ ධාන්ය සමග ආහාරයට ගත හැකිනම් එය තවත් යෝග්‍ය වේ. ඔබ එය දිනපතා පරිබෝජනය කිරීමෙන් බර වැඩි වීමට අමතරව සෞඛ්යයටද හොඳ ප්‍රතිඵල ලබා දෙනු ඇත.
3. පළතුරු ආහාරයට ගැනීම
පළතුරු විශේෂයෙන් නිවර්තන පළතුරු ඔබගේ බර වැඩිවීමට උපකාරී වේ. අඹ, කෙසෙල්, පැපොල් සහ අන්නාසි වල ස්වාභාවික සීනි ඇති අතර එය බර වැඩිවීමට හොඳ ක්රමයකි. ස්වාභාවික සීනි සහිත මෙම පළතුරු ඔගේ බඩ පුරවා ක්ෂණික ශක්තියක් ලබා දෙයි.
4. අලිගටපේර
අලිගටපේර යනු හොද සෞඛ්ය සම්පන්න සහ මේදය සහිත ආහාරයකි. අලිගටපේර අඩක පමණක් calories 140 ක් පමණ අඩංගු වේ. තවද විටමින් ඊ, ෆෝලික් අම්ලය සහ පොටෑසියම් වැනි විටමින් හා ඛනිජ ලවණ අඩංගු හොඳ ප්‍රභවයකි. අලිගැට පේර සලාද ලෙස රස විඳීමට මතක තබා ගන්න.
5. බටර් හෝ ගිතෙල්
calorie අධික ආහාරයකි බටර්. toast කරගත් පාන් සමග බටර් ඉතාමත් හොද උදැසන අහාර වේලක් වන අතර ඔබට දවසට ශරීරයට අවශ්ය සියලු පෝෂ්‍ය පදාර්ථ එමගින් ලබා දෙනු ඇත. ඔබ බටර් වලට වැඩි කැමැත්තක් නොදක්වන්නේ නම්, ඔබට එය ගිතෙල් සමඟ ආදේශ කළ හැකිය. ගිතෙල් යනු පිරිසිදු කළ බටර් වර්ගයකි. ඔබට යම් අහාර වේලක් පිස ගැනීමේදී ගිතෙල් සාමාන්ය මට්ටමෙන් භාවිත කල හැක. තවද උදැසන අහාර වේල සදහා බටර් හෝ ගිතෙල් සමග බැදගත් බිත්තර calorie මට්ටම වැඩි කරගැනීම සදහා හොද ක්රමයකි.
6. ඇට වර්ග
ඇට වර්ග බර වැඩි කරගනිම සදහා හොදම ක්රමයකි. ඒවා සතුව මේදය හා තවත් ශරීරයට් බෙහෙවින් වැදගත් පෝෂ්‍ය පදාර්ථ බහුලව ඇත. තවද fiber බහුල ආහාරයක් වන බැවින් ඔබගේ ආයුෂ සදහාද යොග්ය වේ.
7. චීස්
මෙහි ඇති විශේෂත්වය නම් කැමති ඕනෑම ආහාරයක් සදහා එකතු කල හැකි වීමයි. ඔබ කිරි බීමට අකමැති අයෙක්නම් කිරි වල ඇති සියලු පෝෂ්‍ය පදාර්ථ චීස් වල අඩංගු බැවින් මෙය අදෙෂශකයක් විදියට භාවිත කළ හැක. සාමාන්යයෙන් බොහෝ චීස් වල මේදය ඉතා ඉහල බැවින් ස්භාවිකවම බර වැඩි කරගැනීමට උපකාරී වේ.
8. අර්තාපල් උත්සාහ කර බලන්න
බොහෝ දෙනෙක් අර්තාපල් වලට කැමති. කාබෝහයිඩ්‍රේට් බහුල ආහාරයක් වන මෙහි ප්රෝටින් ද ඉතා ඉහලයි. fiber අඩංගු වන බැවින් බර වැඩි කරගැනීම හෝ මහත් වීමට යොග්යම ආහාරයකි.
බර වැඩි කර ගැනීම සදහා යොග්යම අහාර මෙම ආහාරයි. යම් කිසි ආහාරයක calorie වැඩි නම් එයින් අදහස් කරන්නේ බර වැඩිවීම සදහා ඔබට එම ආහාරය සුදුසු බවයි. සැකසූ ආහාරවල ප්රධාන වශයෙන් දක්නට ලැබෙන trans fat ශරීරයට බෙහෙවින් අහිතකරයි. ඒවා හෘද රෝග වලට තුඩු දෙන බැවින් හැකි තරම් එම අහාර වලින් වැලකි සිටින්න. ක්ෂණික අහාර වලිනුත් ඔබේ බර සහ ශරීරය මහත් කළ හැකි නමුත් ඒවා ශරීරයට බෙහෙවින් අහිතකරයි. බර වැඩි වීම සහ මහත් වීම සදහා හොදම ක්රමය නිරතුරුවම සෞඛ්‍ය සම්පන්න අහාර වේ.
නිරෝගී ආකාරයකින් බර තබා ගනීමට සහ ඔබ බලාපොරොත්තු වන බරට ළඟා වීමට මෙම පියවර අනුගමනය කරන්න.
බර වැඩිවීමට වෙනත් ස්වාභාවික ක්රම ඔබ දන්නවාද? ඒවා අප සමඟ බෙදා ගන්න.











Comments
Post a Comment