ඔබගේ පෞරුෂත්වය වර්ධනය තුලින් අනෙක් අයගේ ආකර්ෂණය දිනාගැනීමට හා සමාජයේ කැපිපෙනෙන පුද්ගලයකු වීමට පිළිපැදිය යුතු උපදෙස් 6 ක්

ඔබගේ පෞරුෂත්වය වර්ධනය තුලින් අනෙක් අයගේ ආකර්ෂණය දිනාගැනීමට හා සමාජයේ කැපිපෙනෙන පුද්ගලයකු වීමට පිළිපැදිය යුතු උපදෙස් 6 ක් !






සමහර පුද්ගලයින් ස්වාභාවිකවම ආකර්ශනීය පුද්ගලයන් වන අතර සෑම කෙනෙකුම ඔවුන් වටා එකතුවීමට විශාල කැමැත්තක් දක්වයි. වඩා ආකර්ශනීය හා සිත්ගන්නාසුළු පුද්ගලයෙකු වීම එතරම් අපහසු කර්තව්‍යක් නොවන අතර නිවැරදි ක්‍රම උත්සාහයෙන් වඩාත් හොද පෞරුෂතත්වයක් වර්ධනය කර ගත හැකිය.


අපට මුණගැසෙන සමහරක් පුද්ගලයින් හට අපට නොදැනීම ඔවුන් කෙරේ විශේෂ ඇල්මක් නැතහොත් ආකර්ශනයක් ඇතිවේ. එවැනි අවස්ථාවල ඔබත් ඔවුන් මෙන් ආකර්ශනීය පුද්ගලයෙකු විමට කැමැත්තක් දක්වනු ලැබේ .

සුළු පරිශ්‍රමයක් හා පුහුණුවක් සමඟ ඔබට එය කළ හැකිය.

ස්වාභාවිකව ආකර්ශනීය පුද්ගලයකු වීමට සහ මිනිසුන් ඔබ වෙත විශේෂ ඇල්මක් දැක්වීමට නම් පෞරුෂ සංවර්ධනයේ ඇති වටිනාකම ඔබ තේරුම් ගත යුතුය.

පෞරුෂත්වය වැඩි දියුණු කරගැනීම සඳහා අනුගමනය කල යුතු උපදෙස් කිහිපයක් ඇති බව ඔබ කවදා හෝ සිතා තිබේද?

1.කියවීමේ පුරුද්ද වැඩි දියුණු කරගන්න. 

සුවපහසු බවින් මිදී ඔබේ මනස විවෘත කරගන්න. නව පොත්, නව සඟරා සහ පුවත්පත් කියවීම වැඩිදියුණු කරගන්න තවද නව වෙබ් අඩවි වලට පිවිස දිනපතා අලුත්වන ලෝකය ගැන දැනගන්න. පුළුවන් සෑම විෂයක් ගැනම කියවා ඔබේ දැනුම ගබඩාව විශාල කරගන්න. කෙනෙකු සමග හෝ කීපදෙනෙක් සමග යෙදෙන සංවාදයන් වලදී එම මාතෘකා සම්බන්දයෙන් විශාල කරුණු ප්‍රමාණයක් ඔබ සතු වීම අනෙක් අයගේ ආකර්ෂණය ඔබ වෙත ලැබීමට එක් හේතුවක් ලෙස සැලකිය හැක.

2.හොඳින් කතා කිරීමට හොඳින් සවන් දීමට ඉගෙන ගන්න.

බොහෝ පුද්ගලයින් කතා කිරීමට විශේෂ කැමත්තක් දක්වයි. සෑම කථිකයෙකුටම අවශ්‍ය වන්නේ එක් දෙයක් පමණි, ඒ හොද සවන්දෙන්නෙකු පමණි. යමෙකු කතා කරන විට ඒ සදහා විශේෂ අවදානයක් ලබා දීම මගින් ඔබ කෙරෙහි ඇති ඇල්ම වැඩි දියුණු කරගත හැක. සවන් දීම මිය යමින් පවතින කලාවක් වන අතර ඔබට හොඳින් සවන් දිය හැකි නම් ඔබ සෑම කෙනෙකුම ප්‍රිය කරන ආකර්ශනීය පුද්ගලයා වනු ඇත. 

එසේම යමෙකුට ඇහුම්කන් දීම මගින් අදහස් කරන්නේ ඔවුන් ඔබට විශේෂ ගෞරුත්වයක් ලබා දෙන අතර ඔබ කතා කරන විටදී ඔවුන් ද ඔබට සවන් දෙනු ඇත.

3. නව මිතුරන් ඇති කරගන්න.

ඔව් එක්තරා වයස් සීමාවකට පසු නව මිතුරන් ඇති කර ගැනීම භයානක බවක් පෙනෙන්නට තිබේ. ඔබට ගැලපෙන පුද්ගලයින් තෝරා ගැනිම ඔබසතු කාරණයක් වන අතර සමාජයේ විවිධ පුද්ගලයින් ඇසුරු කිරීමට Club එකකකට එකතු වන්න. විවිධ පුද්ගලයින් ඇසුරු කිරීම යනු විවිධ සංස්කෘතීන් සහ ඔවුන්ට අවේනික විවිධ දේවල් ඔබට ඉගෙනගැනීමට ලැබේ. එමගින් සමාජයේ ඕනෑම පුද්ගලයෙකුට අවේනික ලක්ෂණ ඔබට හදුනාගැනීමට හැකිවේ

4. හිරු කිරණක් වන්න.

නිරන්තරයෙන් මැසිවිලි නඟන්නන් හෝ පුරාජේරු කියවන්නන් වටා එකතු වීමට කිසිවෙකු කැමැත්තක් දක්වන්නේ නැත. සිනාසෙන්න, සතුටු සිතින් සිටින්න, මිනිසුන් හට උණුසුම් ලෙස ආචාර කරන්න, තමාට මුණගැසෙන පුද්ගලයන් හට ඔවුන්ගේම ගුණ වර්ණනා කරන්න ( තමන්ගේ හදවතින්ම ) එවිට ඔවුන්ට ඔබව දැකීමේදී ඔවුන්ගේ මුහුණු ආලෝකමත් වේවි.

5. අන් අයට ගරු කරන්න.

විහිළු කිරීම එක් දෙයක් වන අතර  තවත් කෙනෙකුට සිනාසීම වෙනත් දෙයකි. යමෙකුගේ අඩුපාඩු වලට කිසිම විටකදී සිනාසෙන්න එපා. ඒවිට ඔවුන් හට ඔබගැන ඇතිවන්නේ කලකිරීමකි. ඔබට හැකි උපරිම ගෞරවයෙන් මිනිසුන්ට සලකන්න.

අන් අයට සහයෝගය දෙන්න, ඔවුන්ව ධෛර්යමත් කරන්න. සෑම කෙනෙකුම අවංක පුද්ගලයෙකුට ආදරය කරයි.

6. ඔබ ඔබම වීමට මතක තබා ගන්න.

ඔබ ඔබමය. කිසි විටකවත් ඔබ වෙනත් කෙනෙකුගේ ගති ලක්ෂණ අනුකරණය නොකරන්න. පෞරුෂත්ව සංවර්ධන කුසලතා පමණක් ඔබේ පවත්නා පෞරුෂතවයට එකතු කළ යුතුය. කිසිම අවස්ථවක ඔබ නොවන ඔබට නොගැලපෙන දේවල් උත්සහ නොකරන්න.

පෞරුෂ සංවර්ධනය අඛණ්ඩ ක්‍රියාවලියක් බව සෑම විටම මතකයේ තබා ගන්න. වඩා හොඳ සහ ආකර්ශනීය මිනිසෙකු බවට පත්වීමට සෑම විටම නව අවස්ථා සොයන්න.

Comments