බ්ලැක් හෙඩ්ස් ඉවත් කරන්නේ කෙසේද?

මුළුතැන්ගෙයි අමුද්රව්‍ය භාවිතයෙන් සාදන ලද Scrub එක උත්සාහ කර Blackheads ඉවත් කරගන්න ....!


නිරෝගී හා දීප්තිමත් සමකට අකමැති කවුද? දීප්තිමත් සමක් ඔබට පිටතින් පමණක් නොව ඇතුලත් ද ලස්සන පෙනුමක් ලබා දෙයි.


නිරෝගී හා දීප්තිමත් සමකට අකමැති කවුද?  දීප්තිමත් සමක් ඔබට පිටතින් පමණක් නොව ඇතුළතතින්ද ලස්සන පෙනුමක් ලබා දෙයි. එම පරිපූර්ණ දීප්තිය ලබා ගැනීම සඳහා විශාල සැලකිල්ලක් සහ අවධානයක් යොමු කළ යුතු වේ. කෙසේ වෙතත් ඔබට තෙල් සහිත සමක් ඇත්නම් නම් එම දීප්තිමත් සමක් ලබා ගැනීම සඳහා ඔබට තවත් දුරක් යා යුතුය. කුරුලෑ, whiteheads සහ blackheads වැනි සමේ මතු වන ගැටළු ඇතිවීමට තෙල් සහිත සම වැඩි ප්රවනතාවක් දක්වයි. blackheads තරමක් කරදරකාරී විය හැකිය. Blackheads ඉවත් කර ගැනීම සඳහා විශාල පිරිසක් රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා විශාල මුදලක් වැය කරයි. කෙසේ හෝ නිවසේදී පිළියෙළ කර ගත හැකි ක්රම කිහිපයක් සමග ඔබට ඒවායින් මිදීමට හැකි වේ.


සමෙහි ඇතී විවෘත සිදුරු දුවිලි අංශු සමග සම්බන්ධ වී අවසානයේ Blackheads සෑදීමට හේතු වේ.  Blackhead මුහුණේ වඩාත් සුලභව ඇතිවන ප්‍රදේශන් වන්නේ නාසය, කම්මුල් සහ නිකට ය. ඔබගේ මුලුතැන්ෙගයි ඇති අමුද්‍රව්‍ය භාවිතා කරමින් ඔබේ මුහුණ මෘදු ලෙස Scrub කර Blackhead ගැටළුව විසදා ගත හැකිය

අමුද්‍රව්‍ය තුනක් පමණකක් භාවිතා කර සදා ගත හැකි මෙම Face Scrub එක සතියට දෙවරක් භාවිත කරන්න.


අවශ්ය අමුද්රව්ය.


කෙසෙල් (පොඩි කළ ගත්)
ඕට්ස් තේ හැදි දෙකක්
මී පැණි තේ හැදි දෙකක් 


ක්රමය  :

පොඩිකරගත් කෙසෙල්, oats සහ මී පැනි එක භාජනයකට දමා මිශ්ර කර ගන්න. ඉන්පසුව එය මුහුණේ ආලේප කරගන්න. ආලේපනය මුහුණ පුරා Scrub කර මිනිත්තු 5-6 ක කාලයක් තබාගන්න. පසුව එය උණුසුම් ජලයෙන් සෝදා හැර moisturiser අලේප කරන්න 

oats මගින් සමේ ඇති මියගිය සෛල ඉවත් කර සම මතුපිට පිරිසිදු කරගනී. ඊට අමතර සමේ ඇති අමතර තෙල් අවශෝෂණය කර ඉවත් කිරීමද Oats මගින් සිදු කරනු ලැබේ. මී පැණි මොයිස්චරයිසින් කාරකයක් ලෙස ක්රිය කරන අතර සමේ අති බැක්ටීරියා හා ක්ෂුද්ර ජීවීන් විනාශ කර හරි. කෙසෙල් මගින් සමෙහි නැතිවූ තෙතමනය රඳවා ගැනීමට උපකාරී වේ.

ඔබත් මෙම Scrub එක උත්සහ කර blackheads වලට සමුදෙන්න.


Comments